කළු දිලීර රෝගීන් හඳුනාගැනීමේ ගැටළුවක්

කළු දිලීර රෝගීන් හඳුනාගැනීම වෙනුවෙන් සිදුකරන පරීක්ෂණ සඳහා මෙරට පවතින්නේ සීමිත මානව සහ භෞතික සම්පත් ප්‍රමාණයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේද දෙපාර්තමේන්තුව පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සඳහන් කළේ, පවතින තත්ත්වයන් යටතේ ඇතැම් රෝගීන් හඳුනාගැනීමට පවා නොහැකි වී ඇති බවය.

කෙසේවෙතත් මෙම රෝගයෙන් කිසිවෙකුත් මේ වනවිට මියගොස් නොමැති බවද ඇය සඳහන් කළාය. 


“මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ නාසයේ දෙපැත්ත කලුවීම හා ඒ හරහා ඇස් වටේට මෙම කළු දිලීරය පැතිරීම. මෙම රෝග පරීක්ෂා කිරීම සඳහා අප සතුව මානව සහ භෞතික සම්පත් ඉතා සීමිතයි. එමනිසා කොරෝනා වසංගතයෙන් අපි ආරක්ෂා විය යුතුයි. වසංගතයෙන් ආරක්ෂා වන තරමට ප්‍රතිශක්තිය අඩු සංකූලතා ඇති රෝගීන් අඩුවෙනවා. එවිට මෙම රෝගය ඇතිවීම වැලකෙනවා. එසේ නොවුනහොත් අපට මෙම පරීක්ෂණ කිරීමට අවශ්‍ය කරන පහසුකම් මදිවන්න පුළුවන්.” 

“ශල්‍යකර්මයක් කර යම් මට්ටමකින් මෙම රෝගීන් බේරාගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් සමහර රෝගීන් හඳුනාගන්න පවා නොහැකි වී තිබෙනවා. එයට හේතුව වන්නේ මෙම රෝගය හඳුනාගැනීමට පටක පරීක්ෂණයක් කළ යුතුයි. පරීක්ෂණය කිරීම සඳහා නිර්වින්දනය කිරීමට අවශ්‍යයි. නමුත් සමහර පුද්ගලයින් සිටිනවා, හෘද රෝග සහ වෙනත් සංකූලතා ඇති අය. ඔවුන් නිර්වින්දනය කිරීමට නොහැකි වී තිබෙනවා. 

මෙම රෝගයෙන් කිසිවකු මේ වනවිට මියගොස් නැහැ. ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර කරමින් සිටිනවා. කොරෝනා සඳහා ලබා දෙන සමහර ඖෂධ නිසාත් ප්‍රතිශක්තිය හීන වෙනවා. එම නිසා කොරෝනා සඳහා යම් ප්‍රතිකාර ලබනවා නම් එය වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32