AFC Banner
Empty Ad
Empty Ad

විසඳුමක් ලැබෙන තුරු ගුරු වැඩවර්ජනය දිගටම කරනවා – ජෝශප් ස්ටාලින්

ගුරු විදුහල්පති වැඩවර්ජනයට පිළිගත හැකි විසඳුම් ලැබෙන තුරු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ අයදුම්පත් දැමීම සිදුනොකරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලනක ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවා.

රජය මැදිහත්වී ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට සාකච්ජා මාර්ගයෙන් විසදුම් ලබාදෙන ලෙසත් මේස ඇතිය තුළ එය කරන ලෙසත් ස්ටාලින් මහතා කියා සිටියා.

ඔහු මේ බව සදහන් කළේ අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම විභාග සඳහා අයදුම්පත් නිකුත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය හෙට (15) දිනය දක්වා දීර්ඝ කර තිබුණද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි අයදුම්පත්වලින් ලැබී ඇත්තේ 50%ක් පමණි.

අයදුම් පත් යොමු කිරීම ගැන කතා කළද විභාග පැවැත්වීමට තවමත් දින නම් කර නොමැති අතර පාසල් වසා දමා ඇති තත්ත්වයක, දරුවන්ට ඉගැන්වීම සිදුනොවන තත්වයක අයදුම් පත් යොමු කිරීම තව සතියකින් කල් දමන ලෙසද ඔහු ඉල්ලා සිටියා.

කෙසේවෙතත් පිළිගත හැකි විසඳුමක් ලැබෙන තුරු මෙම වැඩවර්ජනය අවසන් නොකරන බවද ස්ටාලින් මහතා කියාසිටිය.

”මෙම අරගලය දිග්ගැස්සිලා තියෙන්නේ ආණ්ඩුවේ වරදින්. මේ ප්‍රශ්නයට විධිමත් වැඩපිළිවෙලක් දැම්ම නම් මෙහෙම වෙන්නේ නැහැ.

බලපෑම් කරලා මෙය නවත්වන්න බැහැ.”

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිලිබඳ අදහස් දැක්වීම සඳහා ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ මහතාද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?