විසඳුමක් ලැබෙන තුරු ගුරු වැඩවර්ජනය දිගටම කරනවා – ජෝශප් ස්ටාලින්

ගුරු විදුහල්පති වැඩවර්ජනයට පිළිගත හැකි විසඳුම් ලැබෙන තුරු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ අයදුම්පත් දැමීම සිදුනොකරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලනක ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවා.

රජය මැදිහත්වී ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට සාකච්ජා මාර්ගයෙන් විසදුම් ලබාදෙන ලෙසත් මේස ඇතිය තුළ එය කරන ලෙසත් ස්ටාලින් මහතා කියා සිටියා.

ඔහු මේ බව සදහන් කළේ අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම විභාග සඳහා අයදුම්පත් නිකුත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය හෙට (15) දිනය දක්වා දීර්ඝ කර තිබුණද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි අයදුම්පත්වලින් ලැබී ඇත්තේ 50%ක් පමණි.

අයදුම් පත් යොමු කිරීම ගැන කතා කළද විභාග පැවැත්වීමට තවමත් දින නම් කර නොමැති අතර පාසල් වසා දමා ඇති තත්ත්වයක, දරුවන්ට ඉගැන්වීම සිදුනොවන තත්වයක අයදුම් පත් යොමු කිරීම තව සතියකින් කල් දමන ලෙසද ඔහු ඉල්ලා සිටියා.

කෙසේවෙතත් පිළිගත හැකි විසඳුමක් ලැබෙන තුරු මෙම වැඩවර්ජනය අවසන් නොකරන බවද ස්ටාලින් මහතා කියාසිටිය.

”මෙම අරගලය දිග්ගැස්සිලා තියෙන්නේ ආණ්ඩුවේ වරදින්. මේ ප්‍රශ්නයට විධිමත් වැඩපිළිවෙලක් දැම්ම නම් මෙහෙම වෙන්නේ නැහැ.

බලපෑම් කරලා මෙය නවත්වන්න බැහැ.”

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිලිබඳ අදහස් දැක්වීම සඳහා ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ මහතාද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09