පෞද්ගලික රෝහලක අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වැසිකිලියකින් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිට අදාළව සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

නාරාහේන්පිට ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිලියක කසල බඳුනක තිබී මෙම අත්බෝම්බය සොයා ගත්තේ ඊයේ දහවල් කාලයේදී.

රෝහල් ආරක්ෂක අංශ සිදු කළ දැනුම් දීමෙන් අනතුරුව නාරාහේන්පිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය අත්බෝම්බය රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගියා.

අත්බෝම්බය මදුරු දගරයක් ආධාරයෙන් ක්‍රියාත්මක වීමට සකස් කර තිබී ඇති අතර මදුරු දඟරය දල්වා නොතිබූණු බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන කටයුතු ආරම්භ කළ අතර පොලිසිය පැවසූවේ රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ ඉදිකිරීම් කටයුතු සඳහා රෝහලට පැමිණි කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳව විශේෂ අවධානය යොමුව ඇති බවද පොලිසිය සඳහන් කළා.

මීට අමතරව සැකකරුවන් සොයා රෝහලේ සී.සී.ටී.වී. දර්ශන තවදුරටත් පරීක්ෂා කෙරෙන බවත් වාර්තා වනවා.සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු කුමණ අරමුණිකින් මෙම බෝම්බ රෝහල් පරිශ්‍රයට රැගෙන ආවේ ද යන්න සම්බන්ධයෙන් අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?