පෞද්ගලික රෝහලක අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වැසිකිලියකින් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිට අදාළව සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

නාරාහේන්පිට ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිලියක කසල බඳුනක තිබී මෙම අත්බෝම්බය සොයා ගත්තේ ඊයේ දහවල් කාලයේදී.

රෝහල් ආරක්ෂක අංශ සිදු කළ දැනුම් දීමෙන් අනතුරුව නාරාහේන්පිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය අත්බෝම්බය රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගියා.

අත්බෝම්බය මදුරු දගරයක් ආධාරයෙන් ක්‍රියාත්මක වීමට සකස් කර තිබී ඇති අතර මදුරු දඟරය දල්වා නොතිබූණු බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන කටයුතු ආරම්භ කළ අතර පොලිසිය පැවසූවේ රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ ඉදිකිරීම් කටයුතු සඳහා රෝහලට පැමිණි කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳව විශේෂ අවධානය යොමුව ඇති බවද පොලිසිය සඳහන් කළා.

මීට අමතරව සැකකරුවන් සොයා රෝහලේ සී.සී.ටී.වී. දර්ශන තවදුරටත් පරීක්ෂා කෙරෙන බවත් වාර්තා වනවා.සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු කුමණ අරමුණිකින් මෙම බෝම්බ රෝහල් පරිශ්‍රයට රැගෙන ආවේ ද යන්න සම්බන්ධයෙන් අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09