AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය සඳහා මුදල් නොදුන් නිසා බිරිඳගේ අත පය බැඳ කල ලොවක් නුහුලන අපරාධය

අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ලබා නොදුන් නිසා බිරිඳකගේ අත පය බැඳ මුහුණ ගිනි තැබූ බව කියන සැමියෙකු පිළිබඳව මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මුහුණ සහ අත් දෙක දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලැබූ බිරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර තිබුණා.

සැකකරු අයිස් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයකු වන  ඔහු නිතරම පවුලේ ආරවුල් ඇති කරගෙන ඇති බවද වාර්තා වනවා.

මෙම ගිනි තැබීම සිදු වූ අවස්ථාවේ මාස හතරක බිළිඳා ද බිරිඳගේ උකුල මත සිට ඇති අතර දරුවා බේරා ගැනීම සඳහා ඇය ඇඳෙන් පැන ඇති අතර ඒ හේතුවෙන් බිළිඳාගේ ජීවිතය බේරී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?