මත්ද්‍රව්‍ය සඳහා මුදල් නොදුන් නිසා බිරිඳගේ අත පය බැඳ කල ලොවක් නුහුලන අපරාධය

අයිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ලබා නොදුන් නිසා බිරිඳකගේ අත පය බැඳ මුහුණ ගිනි තැබූ බව කියන සැමියෙකු පිළිබඳව මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මුහුණ සහ අත් දෙක දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලැබූ බිරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර තිබුණා.

සැකකරු අයිස් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයකු වන  ඔහු නිතරම පවුලේ ආරවුල් ඇති කරගෙන ඇති බවද වාර්තා වනවා.

මෙම ගිනි තැබීම සිදු වූ අවස්ථාවේ මාස හතරක බිළිඳා ද බිරිඳගේ උකුල මත සිට ඇති අතර දරුවා බේරා ගැනීම සඳහා ඇය ඇඳෙන් පැන ඇති අතර ඒ හේතුවෙන් බිළිඳාගේ ජීවිතය බේරී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46