AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් අධ්‍යාපනය ලබන ඔබේ දරුවා ගැන දැනුම්දීමක්

තම දරුවන් උපකාරක පන්ති සදහා ඔන්ලයින් ක්‍රමය යොදාගැනීමේදී මවුපියන් එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබද දැඩි අවධානයකින් පසුවිය යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා.ඉකුත් සමයේ දි දරුවන් ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය හැදැරිමේදි දරුවන් විවිධ අපචාරයන්ට ලක්විමේ සිද්ධීන් වාර්තා විය.

පසුගියදා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ උපකාරක පන්ති පවත්වන අතරතුර 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවරයෙක් පානදුර දිග්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමේ පුවතක් ද වාර්තාවිය. අදාළ දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔන්ලයින් උපකාරක පන්ති සදහා යොමුවන දරුවන් අපරචාර ක්‍රියාවලට ලක්වීමේ එවැනි සිද්ධීන් කිහිපයක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කරුණු විමසීමකදී කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?