බීමත්ව මිතුරන් සමග එල්ලුම්ගහ බැලීමට ගිය රාජ්‍ය ඇමති

රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම්ගහ බැලීමට අවශ්‍ය බව පවසමින්, බීමත්ව, බලහත්කාරයෙන්, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇති බව ‘ද මෝනිං’ ඉංග්‍රීසි පුවත්පත තොරතුරු වාර්තා කර තිබුණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවය.

බලවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම්ගහ බැලීමට අවශ්‍ය බව කියමින් බීමත්ව බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇති බව ‘ද මෝනිං’ ඉංග්‍රීසි පුවත්පත හා “අරුණ” සිංහල වෙබ් අඩවිය ද අද අනාවරණය කර තිබුණි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මිතුරන්ද බීමතින් සිටි බවත්, ඇතැමුන් අධික බීමතින් සිටීම හේතුවෙන් බිම ඇද වැටී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන් විය.

ඔවුන් බොහෝ දෙනෙක් කොට කලිසම්වලින් සැරසී සිටි බවද එම වාර්තා අනාවරණය කළේය.

එමෙන්ම රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලයක් අතේ තබාගෙන සිට ඇති බවත්, මෙම පිරිස නැවැත්වීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන් බැන වැදී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ දැක්වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40