රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම්ගහ බැලීමට අවශ්‍ය බව පවසමින්, බීමත්ව, බලහත්කාරයෙන්, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇති බව ‘ද මෝනිං’ ඉංග්‍රීසි පුවත්පත තොරතුරු වාර්තා කර තිබුණි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවය.
බලවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම්ගහ බැලීමට අවශ්‍ය බව කියමින් බීමත්ව බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇති බව ‘ද මෝනිං’ ඉංග්‍රීසි පුවත්පත හා “අරුණ” සිංහල වෙබ් අඩවිය ද අද අනාවරණය කර තිබුණි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මිතුරන්ද බීමතින් සිටි බවත්, ඇතැමුන් අධික බීමතින් සිටීම හේතුවෙන් බිම ඇද වැටී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන් විය.
ඔවුන් බොහෝ දෙනෙක් කොට කලිසම්වලින් සැරසී සිටි බවද එම වාර්තා අනාවරණය කළේය.
එමෙන්ම රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලයක් අතේ තබාගෙන සිට ඇති බවත්, මෙම පිරිස නැවැත්වීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන් බැන වැදී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ දැක්වේ














mey pissa beepu gaman pistol ekak athata aran dengaa natanawalu puruddak hatiyata. muge thanathuru iwath kaloth thamaa wadaa honda