වැලිකඩ බන්ධනාගාරය අසල ඔත්තු බැලූ අයෙකුට සිදු වු දේ

අද (13) පෙරවරු කාලයේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාරයට මුහුණ ලා ඇති බේස්ලයින් මාවතේ පදික වේදිකාවේ සිට ඔහු ඔත්තු බලමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටින බව බන්ධනාගාර නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර අවි අංශයේ නිලධාරීන් විසින් ඔහු සිටින ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයා බේස්ලයින් මාර්ගය හරහා කැම්බල් ක්‍රීඩාංගණය දෙසට දිව ගොස් ඇත.

නිලධාරීන් සැකකරු පසුපස ලුහුබැඳ ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකුට මත්ද්‍රව්‍ය ලබාදීම සඳහා පැමිණි බවද ඔහු පවසා තිබේ. 

සැකකරු පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හමුවී නොමැති අතර ඔහු සතුව තිබූ ජංගම දුරකථනය නිලධාරීන් භාරයට ගෙන ඇත.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුව බොරැල්ල පොලීසියට භාරදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?