වැලිකඩ බන්ධනාගාරය අසල ඔත්තු බැලූ අයෙකුට සිදු වු දේ

අද (13) පෙරවරු කාලයේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාරයට මුහුණ ලා ඇති බේස්ලයින් මාවතේ පදික වේදිකාවේ සිට ඔහු ඔත්තු බලමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටින බව බන්ධනාගාර නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර අවි අංශයේ නිලධාරීන් විසින් ඔහු සිටින ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයා බේස්ලයින් මාර්ගය හරහා කැම්බල් ක්‍රීඩාංගණය දෙසට දිව ගොස් ඇත.

නිලධාරීන් සැකකරු පසුපස ලුහුබැඳ ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකුට මත්ද්‍රව්‍ය ලබාදීම සඳහා පැමිණි බවද ඔහු පවසා තිබේ. 

සැකකරු පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හමුවී නොමැති අතර ඔහු සතුව තිබූ ජංගම දුරකථනය නිලධාරීන් භාරයට ගෙන ඇත.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුව බොරැල්ල පොලීසියට භාරදී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22