Dakota Johnson කියන්නේ වයස අවුරුදු 31ක ඇමරිකානු නිළියක්. මුළු ලෝකයම ඇයව හඳුනා ගත්තේ Fifty shades චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය වූ පසුවයි. ආන්දෝලනාත්මක චරිතයකට පණ පෙවූ නිසා ඇය ගැන කතා නොකළ කෙනෙක් ඉන්න නැතුව ඇති.
ඇය පසුගියදා වැනිසීයේ පැවති Vanice Film Festival වෙත සහභාගි වී තිබුණා.
ඒ ඇය රංගනයෙන් දායක වූ Elena Ferrant විසින් රචනා කරන ලද The lost daughter කෘතිය ඇසුරින් Maggie Gyllenhaal අධ්‍යක්‍ෂණය කරන ලද The Lost Daughter සිනමාපටයෙහි මංගල දර්ශනය සඳහා.
මෙම චිත්‍රපටයේ Dakota සමඟ ඔලීවියා කොල්මන්, ජෙසී බක්ලේ, පීටර් සාර්ස්ගාර්ඩ් ආදී පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
පසුගියදා වැනීසියේදී තිරගත වූ මෙම චිත්‍රපටය සැප්තැම්බර් 17 වැනිදා එක්සත් ජනපදයේදී තිරගතවීමට නියමිතයි.
ඩකොර්ටා මෙම උත්සවය සඳහා අපූරු ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා.
ඇගේ ඒ ගවුම් විලාසිතාව නිසාම Dakota සියල්ලන්ගේම අවධානය ගත් බව තමයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ














heluwali andum wilaasitha wenne kohomada ? maadya evata mul thanak dena nisa neda ? ganunge heluwella balanna mlnissu ochchara kaedara mokada ???