AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙනවා – බන්දුල සමන්කුමාර

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙරට තුළ තෙල් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

පාලන අධිකාරිය විසින් බෙදාහැරීම් කටයුතු සෙනසුරාදා දිනයේ දී නැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් එම වැඩවර්ජනය ආරම්භ කර ඇති අතරමේ හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ සිට ඉන්ධන බෙදා හැරීම නැවතී ඇති බව වාර්තා වේ.

සෙනසුරාදා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නැවැත්වීමට කළමනාකාරීත්වය තීරණය කිරීමට වෘත්තීය සමිති විරෝධය පළ කිරීම සේවක ප්‍රශ්නයක් බවත් එය විසඳීමට අවශ්‍ය පහසුකම් ඉදිරියේ දී ගන්නා බවත් ඔහු පවසයි.

මේ හේතුවෙන් ඉදිරියේ දී තෙල් හිඟයක් රට තුළ ඇති විය හැකි බව වාණිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන්කුමාර මහතා පවසයි.

“ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙනවා කියලා අපි බොහෝම පැහැදිලිව වගකීමෙන් යුක්තව කියනවා. එහෙම වෙන්නේ අද තෙල් බෙදන්නේ නෑ. හෙට තෙල් බෙදන්නේ නෑ. සඳුදා වෙනකොට වරාය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන තැන්වල තමන්ට තියා ගන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවා. අපි ඒක දන්න නිසා තමයි එහෙම කරන්න බෑ කියන්නේ. ඒකට කිසි විදියකින් ඇහුම්කන් නොදී මේ විදියට අත්තනෝමතික ලෙස සේවකයාගේ අතිකාලය ගැන හිතනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?