ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙනවා – බන්දුල සමන්කුමාර

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙරට තුළ තෙල් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

පාලන අධිකාරිය විසින් බෙදාහැරීම් කටයුතු සෙනසුරාදා දිනයේ දී නැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් එම වැඩවර්ජනය ආරම්භ කර ඇති අතරමේ හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ සිට ඉන්ධන බෙදා හැරීම නැවතී ඇති බව වාර්තා වේ.

සෙනසුරාදා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නැවැත්වීමට කළමනාකාරීත්වය තීරණය කිරීමට වෘත්තීය සමිති විරෝධය පළ කිරීම සේවක ප්‍රශ්නයක් බවත් එය විසඳීමට අවශ්‍ය පහසුකම් ඉදිරියේ දී ගන්නා බවත් ඔහු පවසයි.

මේ හේතුවෙන් ඉදිරියේ දී තෙල් හිඟයක් රට තුළ ඇති විය හැකි බව වාණිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන්කුමාර මහතා පවසයි.

“ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙනවා කියලා අපි බොහෝම පැහැදිලිව වගකීමෙන් යුක්තව කියනවා. එහෙම වෙන්නේ අද තෙල් බෙදන්නේ නෑ. හෙට තෙල් බෙදන්නේ නෑ. සඳුදා වෙනකොට වරාය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන තැන්වල තමන්ට තියා ගන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවා. අපි ඒක දන්න නිසා තමයි එහෙම කරන්න බෑ කියන්නේ. ඒකට කිසි විදියකින් ඇහුම්කන් නොදී මේ විදියට අත්තනෝමතික ලෙස සේවකයාගේ අතිකාලය ගැන හිතනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09