AFC Banner
Empty Ad
Empty Ad

පාසල් විවෘත කිරිමට තීරණය කෙරේ..දිනය මෙන්න

දිවයින පුරා පාසල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශ මාලාව 13 වැනිදා වන විට සකස් කර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

විශේෂඥ වෛද්‍යවරු, තාක්ෂණික ඇගයීම් කටයුතු නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේද සහයෝගය මත මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සකස් කර ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය. පාසල් විවෘත කිරීමට අදාළ සැලසුමක් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සකස් කර තිබේ.

එම සැලසුමට අනුව නොවැම්බර් මාසයට පෙර පාසල් විවෘත කිරීමට නියමිතය.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (10 වැනිදා) පැවැති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී ද අවධානය යොමු කර තිබේ. ළමයින් අඩු ග්‍රාමීය පාසල්, ප්‍රාථමික පාසල් විවෘත කළ හැකි බව මෙහිදී බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් පෙන්වා දී ඇත. ඒ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේද කැමැත්ත ලැබී ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

ප්‍රාථමික දරුවන්ට සූම් තාක්ෂණයෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුව ඇති බවද වෛද්‍යවරු මෙහිදී පෙන්වා දී තිබේ. වයස අවුරුදු 12-18 දරුවන්ට එන්නත්කරණය කඩිනම් කිරීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ. එම පිරිස මිලියන දෙකක් පමණ වන බවද මෙහිදී අනාවරණය වී ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් නොපැවැත්වීම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුවේ අදහසයි. ප්‍රායෝගික පරීක්ෂණවලින් තොරව හෝ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට මෙහිදී අවධානය යොමු කර තිබේ.

දිවයින පුරා සියලුම පෙර පාසල් විවෘත කළ යුතු බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙම රැස්වීමේදී යෝජනා කර තිබේ.

– aruna

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
186
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10
Video thumbnail
අගමැතිනිය සහ ඇමති විජිත ජනපති ඉදිරියේ දිව්රුම් දීපු සම්පුර්ණ වීඩියෝව
04:04
Video thumbnail
මෙන්න මාලිමා ආණ්ඩුවේ ඇමතිකම් බෙදුණු හැටි
02:16

?