පාසල් විවෘත කිරිමට තීරණය කෙරේ..දිනය මෙන්න

දිවයින පුරා පාසල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශ මාලාව 13 වැනිදා වන විට සකස් කර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

විශේෂඥ වෛද්‍යවරු, තාක්ෂණික ඇගයීම් කටයුතු නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේද සහයෝගය මත මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සකස් කර ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය. පාසල් විවෘත කිරීමට අදාළ සැලසුමක් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සකස් කර තිබේ.

එම සැලසුමට අනුව නොවැම්බර් මාසයට පෙර පාසල් විවෘත කිරීමට නියමිතය.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (10 වැනිදා) පැවැති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී ද අවධානය යොමු කර තිබේ. ළමයින් අඩු ග්‍රාමීය පාසල්, ප්‍රාථමික පාසල් විවෘත කළ හැකි බව මෙහිදී බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් පෙන්වා දී ඇත. ඒ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේද කැමැත්ත ලැබී ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

ප්‍රාථමික දරුවන්ට සූම් තාක්ෂණයෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුව ඇති බවද වෛද්‍යවරු මෙහිදී පෙන්වා දී තිබේ. වයස අවුරුදු 12-18 දරුවන්ට එන්නත්කරණය කඩිනම් කිරීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ. එම පිරිස මිලියන දෙකක් පමණ වන බවද මෙහිදී අනාවරණය වී ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් නොපැවැත්වීම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුවේ අදහසයි. ප්‍රායෝගික පරීක්ෂණවලින් තොරව හෝ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට මෙහිදී අවධානය යොමු කර තිබේ.

දිවයින පුරා සියලුම පෙර පාසල් විවෘත කළ යුතු බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙම රැස්වීමේදී යෝජනා කර තිබේ.

– aruna

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
186
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09