AFC Banner
Empty Ad
Empty Ad

එන්නත්කරණයේ ප්‍රතිඵල ගැන හෙළිවුණු අලුත් ම පර්යේෂණ වාර්තාව

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් කොරෝනා ආසාදනයෙන් මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නො ලැබූ පුද්ගලයින්ට වඩා 11 ගුණයකින් අඩු බව ඇමරිකානු පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

සී.ඩී.සී. හෙවත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශයට පත්කර ඇති එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූවන් කොරෝනා ආසාදිත ව රෝහල්ගත කිරීමේ අවස්ථාව ද දස ගුණයකින් අඩු බවයි.

සී.ඩී.සී. ආයතනය මඟින් ඊට අදාළ විද්‍යාත්මක ලේඛණ 03ක් ඉදිරිපත් කර ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හමුවේ වූව ද මෙලෙස එන්නත්කරණයෙන් මරණය බොහෝ දුරට වළකන බව තහවුරු වී තිබෙනවා.

රෝහල්ගත කිරීමට සහ මරණයට එරෙහි ව එන්නත්කරණයෙන් ලැබෙන රැකවරණය බොහෝ දුරට ස්ථාවර වන අතර, වයස අවුරුදු 65 ඉක්ම වූවන්ගේ යම් තරමකින් දුර්වල වීමක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් ඔවුන් වෙත 03 වැනි මාත්‍රාවක් නැතිනම් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීමට යි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?