එන්නත්කරණයේ ප්‍රතිඵල ගැන හෙළිවුණු අලුත් ම පර්යේෂණ වාර්තාව

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් කොරෝනා ආසාදනයෙන් මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නො ලැබූ පුද්ගලයින්ට වඩා 11 ගුණයකින් අඩු බව ඇමරිකානු පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

සී.ඩී.සී. හෙවත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශයට පත්කර ඇති එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූවන් කොරෝනා ආසාදිත ව රෝහල්ගත කිරීමේ අවස්ථාව ද දස ගුණයකින් අඩු බවයි.

සී.ඩී.සී. ආයතනය මඟින් ඊට අදාළ විද්‍යාත්මක ලේඛණ 03ක් ඉදිරිපත් කර ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හමුවේ වූව ද මෙලෙස එන්නත්කරණයෙන් මරණය බොහෝ දුරට වළකන බව තහවුරු වී තිබෙනවා.

රෝහල්ගත කිරීමට සහ මරණයට එරෙහි ව එන්නත්කරණයෙන් ලැබෙන රැකවරණය බොහෝ දුරට ස්ථාවර වන අතර, වයස අවුරුදු 65 ඉක්ම වූවන්ගේ යම් තරමකින් දුර්වල වීමක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් ඔවුන් වෙත 03 වැනි මාත්‍රාවක් නැතිනම් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීමට යි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20