කොවිඩ් ආසාදිත දෙදරු පියෙකු බනිස් කැබැල්ලක් ශ්වසන මාර්ගයේ හිරවිමෙන් මියගොස් ඇති බවට ගාල්ල කරාපිටිය හික්ෂණ රෝහලේ දී ඊයේ (08) පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.
මියගොස් ඇත්තේ අගුළුගහ දොරපේ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකි.
මිය ගිය පුද්ගලයා උදරයේ ඇතිවු ආබාධයක් නිසා ප්‍රථිකාර ලබාගෙන තිබෙන අතර ඉන්පසු ඔහු විසින් දියර වර්ග පමණක් පානය කරමින් සිට තිබෙනවා.
ඊයේ දිනයේ ඔහු විසින් බනිස් ගෙඩියක් කෑමට ඉල්ලා ඇති අතර බනිස් ගෙඩිය ආහාරයට ගනිමින් සිටියදි එකවරම සිහිසුන්ව ඇති අතර පසුව කරාපිටිය රෝහලට රැගෙනවිත් තිබෙන අතර ඇති අතර රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මියගොස් තිබුණා.
මිය යාමෙන් පසුව කරණු ලැබු පී.සි.ආර්. පරික්ෂණයේ දී මෙම පියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවි තිබෙනවා.
ඔහුගේ හදිසි මරණ පරික්ෂණය හබරාදුව හදිසි මරණ පරික්ෂක ගාමිණි කමල්තිලක මහතා විසින් සිදුකරණු ලැබුවා. පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකර තිබුණා.
ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍යවාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා විසින් බනිස් කැබැල්ලක් ශ්වසන මාර්ගයේ හිරවිම නිසා මරණය වීම නිසා මෙම දෙදරු පියා මිය ගිය බවට තීන්දු කළා.
(ලලිත් චාමින්ද – ගාල්ල)