බනිස් කැබැල්ලක් ගාල්ලේ දෙදරු පියෙක් බිලිගත් හැටි

කොවිඩ් ආසාදිත දෙදරු පියෙකු බනිස් කැබැල්ලක් ශ්වසන මාර්ගයේ හිරවිමෙන් මියගොස් ඇති බවට ගාල්ල  කරාපිටිය හික්ෂණ රෝහලේ දී ඊයේ (08) පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

මියගොස් ඇත්තේ අගුළුගහ දොරපේ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකි.   

මිය ගිය පුද්ගලයා උදරයේ ඇතිවු ආබාධයක් නිසා ප්‍රථිකාර ලබාගෙන තිබෙන අතර ඉන්පසු ඔහු විසින් දියර වර්ග පමණක් පානය කරමින් සිට තිබෙනවා.

ඊයේ දිනයේ ඔහු විසින් බනිස් ගෙඩියක් කෑමට ඉල්ලා ඇති අතර  බනිස් ගෙඩිය ආහාරයට ගනිමින් සිටියදි එකවරම සිහිසුන්ව ඇති අතර පසුව කරාපිටිය රෝහලට රැගෙනවිත් තිබෙන අතර ඇති අතර රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මියගොස් තිබුණා.

මිය යාමෙන් පසුව කරණු ලැබු පී.සි.ආර්. පරික්ෂණයේ දී මෙම පියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවි තිබෙනවා.

ඔහුගේ හදිසි මරණ පරික්ෂණය හබරාදුව හදිසි මරණ පරික්ෂක ගාමිණි කමල්තිලක මහතා විසින් සිදුකරණු ලැබුවා. පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකර තිබුණා.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍යවාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා විසින් බනිස් කැබැල්ලක් ශ්වසන මාර්ගයේ හිරවිම නිසා මරණය වීම නිසා මෙම දෙදරු පියා මිය ගිය බවට තීන්දු කළා.

(ලලිත් චාමින්ද – ගාල්ල) 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09