පඩි වැඩිවෙන්නේ ජනවාරි මේවා සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් නෑ

සිය ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් මෙම අරගලය ඉදිරියට රැගෙන යන බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

අද (07) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා, රුපියල් 5,000සේ දීමනාව සම්බන්ධයෙන් ද පැහැදිලිතාවයක් නොමැති බව ප්‍රකාශ කළේය.

“ගුරු සහ විදුහල්පති වැටුප් විශමතා සම්බන්ධයෙන් සිදුකරන අරගලයේදී අද දවසට දින 58ක්. අද දිනයේදීත් කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වේ රුපියල් 5,000 ගානේ දෙකක් දෙනවා කියලා. ඊළඟ එක අයවැයෙන් ලු. මේ මාසෙයි ලබන මාසෙයි 5,000 ගානේ දුන්නොත් ඊළඟ මාස දෙක දෙසැම්බර් වෙනකම් රුපියල් 5,000ත් නෑ. මුකුත් නෑ.. පඩි වැඩිවෙන්නේ ජනවාරි. මේවා සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් නෑ. රුපියල් 5,000 සම්බන්ධයෙන් චක්‍රලේඛයක්වත් නිකුත් කරලා නෑ. අපි පැහැදිලිව කියන්නේ එක දෙයයි. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු යෝජනාව එකවර ක්‍රියාත්මක කරන්න. මේක කොටස් 4කට බෙදුවොත් එක ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 937යි. විදුහල්පතිවරයෙක් ගත්තොත් රුපියල් තුන්දහස් ගාණක් තමයි මාසෙකට හම්බවෙන්නේ. රුපියල් 100කට ආසන්න මුදලක් තමයි දිනකට හම්බවෙන්නේ. දැනට නිකුත් වෙලා තියෙන මේ කැබිනට් අනුකාරක සභා වාර්තාව ක්‍රියාත්මක කිරීමට පෙර ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා යම් යම් එකඟතාවයන් ගණනාවක් අරගෙන මේක ක්‍රියාත්මක කළ යුතුයි. අපි මේ තරම් නම්‍යශීලිවෙලත් රජය මේ ගැටලුව විසඳන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්නම් අපිට මේ අරගලය හැර වෙන ක්‍රියාමාර්ගයක් නෑ. විසඳුම තියෙන්නේ ආණ්ඩුව අතේ. අපි මෙච්චර කතා කරලත් අපිට සාකච්ඡාවක් දෙන්නෙ නැත්නම් ප්‍රශ්නයකුත් නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09