AFC Banner
Empty Ad
Empty Ad

මෙරට අවු.5ට අඩු දරුවන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පාර්ලිමේන්තු සැසිවාරයක් ඊයේ (05) දිනයේ පැවැත්වුණා එහි දී මෙරට ප්‍රකට වෛරස්වේදය පිළිබඳව විද්‍යාඥයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර සිටියා.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයට වඩා බඩගින්න, ආහාර හිඟය සහ මන්ද පෝෂණය අද වන විට දරුණු සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි.

වැඩි දුරටත් මහාචාර්යවරයා පවසා සිටියේ “මම දන්නවා අවුරුදු 05ට අඩු වයසේ ළමයි අතර මන්ද පෝෂණය 18%කට තියෙනවා දැන් ඒ කියන්නේ ළමයි 05 දෙනෙක් ගත්තොතින් එක් කෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ වාගේ තත්ත්වයක් තියෙන්නේ..” යනුවෙනි. මෙවැනි තත්ත්වයක් යටතේ යමක් කළ යුතුව ඇති බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දෙනවා. ඔහු එහිදී පවසා සිටියේ එයට පිළියමක් ලබාදීමට උත්සාහ කිරීමේදී නව ලිබරල්වාදී අදහස් ඇති අය විසින් මුදල් හම්බ කිරීමේ අරමුණින් ක්‍රියාකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?