වෛද්‍යවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කොරෝනා වශංගතය හමුවේ සමාජය තුල මේ දිනවල විවිධ පුද්ගලයින් විවිධ අදහස් මෙන්ම විවිධ ප්‍රථමාධාර ක්‍රම බාවිතයට හුරු වි තිබෙනවා. මේ සමග මේ දිනවල හුමාලය ආශ්වාස කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු දෙයක් ලෙසට යි බොහෝ දෙනා එහි දී මත පළ කරන්නේ.

නමුත් සෞඛ්‍ය අංශ අද දින ඊට ප්‍රතිවිරුද්ධ අදහස් පලකිරිමක් දකින්නට ලැබුණා. ශ්වසන මාර්ගය සම්බන්ධ රෝගාබාධවල දී හුමාලය ආශ්වාස කිරීම අතීතයේ සිටම පුරුද්දක් ලෙස සිදු කළ ක්‍රියාවක්වන නමුත් එය සිදු කිරීම හරහා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සිදු නොවන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිෂ් විජේමාන්න මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද දහවල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්. සැබෑ තත්ත්වය එය වුව ද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දී බොහෝ පුද්ගලයින් හුමාලය ආශ්වාස කිරීම කොවිඩ් ප්‍රතිකාරයක් ලෙසටත් කොවිඩ් වෛරසයෙන් වැළකීමේ ක්‍රමයක් ලෙසටත් සිදු කිරීමට පෙළඹී ඇති බව විජේමාන්න මහතා ප්‍රකාශ කළා. මෙය කිසිවෙකු අනුමත කරන දෙයක් නොවන බව යි ඔහු අවධාරණය කළේ.

හුමාලය ආශ්වාස කිරීමෙන් ලැබෙන්නේ රෝග ලක්ෂණ ආශ්‍රිත යම් සහනයක් (Symptomatic relief) පමණක් බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ එමගින් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමේ හැකියාවක් නොමැති බව යි.

එබැවින් මෙය අනවශ්‍ය ක්‍රියාවක් ලෙස තමන් දකින බව යි ඒ මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09