කොරෝනා වශංගතය හමුවේ සමාජය තුල මේ දිනවල විවිධ පුද්ගලයින් විවිධ අදහස් මෙන්ම විවිධ ප්‍රථමාධාර ක්‍රම බාවිතයට හුරු වි තිබෙනවා. මේ සමග මේ දිනවල හුමාලය ආශ්වාස කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු දෙයක් ලෙසට යි බොහෝ දෙනා එහි දී මත පළ කරන්නේ.
නමුත් සෞඛ්‍ය අංශ අද දින ඊට ප්‍රතිවිරුද්ධ අදහස් පලකිරිමක් දකින්නට ලැබුණා. ශ්වසන මාර්ගය සම්බන්ධ රෝගාබාධවල දී හුමාලය ආශ්වාස කිරීම අතීතයේ සිටම පුරුද්දක් ලෙස සිදු කළ ක්‍රියාවක්වන නමුත් එය සිදු කිරීම හරහා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සිදු නොවන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිෂ් විජේමාන්න මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද දහවල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්. සැබෑ තත්ත්වය එය වුව ද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දී බොහෝ පුද්ගලයින් හුමාලය ආශ්වාස කිරීම කොවිඩ් ප්‍රතිකාරයක් ලෙසටත් කොවිඩ් වෛරසයෙන් වැළකීමේ ක්‍රමයක් ලෙසටත් සිදු කිරීමට පෙළඹී ඇති බව විජේමාන්න මහතා ප්‍රකාශ කළා. මෙය කිසිවෙකු අනුමත කරන දෙයක් නොවන බව යි ඔහු අවධාරණය කළේ.
හුමාලය ආශ්වාස කිරීමෙන් ලැබෙන්නේ රෝග ලක්ෂණ ආශ්‍රිත යම් සහනයක් (Symptomatic relief) පමණක් බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ එමගින් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමේ හැකියාවක් නොමැති බව යි.
එබැවින් මෙය අනවශ්‍ය ක්‍රියාවක් ලෙස තමන් දකින බව යි ඒ මහතා සඳහන් කළේ.