කොරෝනා වශංගතය හමුවේ සමාජය තුල මේ දිනවල විවිධ පුද්ගලයින් විවිධ අදහස් මෙන්ම විවිධ ප්‍රථමාධාර ක්‍රම බාවිතයට හුරු වි තිබෙනවා. මේ සමග මේ දිනවල හුමාලය ආශ්වාස කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු දෙයක් ලෙසට යි බොහෝ දෙනා එහි දී මත පළ කරන්නේ.
නමුත් සෞඛ්‍ය අංශ අද දින ඊට ප්‍රතිවිරුද්ධ අදහස් පලකිරිමක් දකින්නට ලැබුණා. ශ්වසන මාර්ගය සම්බන්ධ රෝගාබාධවල දී හුමාලය ආශ්වාස කිරීම අතීතයේ සිටම පුරුද්දක් ලෙස සිදු කළ ක්රියාවක්වන නමුත් එය සිදු කිරීම හරහා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සිදු නොවන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිෂ් විජේමාන්න මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද දහවල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්. සැබෑ තත්ත්වය එය වුව ද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දී බොහෝ පුද්ගලයින් හුමාලය ආශ්වාස කිරීම කොවිඩ් ප්‍රතිකාරයක් ලෙසටත් කොවිඩ් වෛරසයෙන් වැළකීමේ ක්‍රමයක් ලෙසටත් සිදු කිරීමට පෙළඹී ඇති බව විජේමාන්න මහතා ප්‍රකාශ කළා. මෙය කිසිවෙකු අනුමත කරන දෙයක් නොවන බව යි ඔහු අවධාරණය කළේ.
හුමාලය ආශ්වාස කිරීමෙන් ලැබෙන්නේ රෝග ලක්ෂණ ආශ්රිත යම් සහනයක් (Symptomatic relief) පමණක් බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ එමගින් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමේ හැකියාවක් නොමැති බව යි.
එබැවින් මෙය අනවශ්‍ය ක්‍රියාවක් ලෙස තමන් දකින බව යි ඒ මහතා සඳහන් කළේ.














මුන්ට පිස්සු, එක එකා විකාර දොඩවනවා. කොවිඩ්මේ පැමිණි දා සිට එන්නත් පැමිණීමට පෙරත් බටහිර රෝහල් වලත් භාවිතා කරේ හුමාලය ඇල්ලීම වැනි දේශීය ඖෂද කරම් එයින් 95-99% අතර රෝගීන් සුවපත් වෙලා ගිහින් තියෙනවා. මෙයා දැන් බයිලා කියනවා. එන්නතින් කරපු මගුල ජිවිත වනසපු එක විතරයි. නමුත් මේ හුමාලය ඇල්ලීම , දේශීය ප්‍රතිකාර මගින් සුවපත් වන බව රෝගීන් මෙන්ම ජනතාව දන්නවා. ඒ නිසා මේ කරන්නේ ඒවාට පහර ගැසීමක්, අර එයේ පෙරේදා එක දොස්තරයෙක් කියනවා කොත්තමල්ලි බිපුවහම ගැස්ට්රෛටිස් හැදෙනවලු. මුන්ට ගහන්න ඕනේ වේලපු මඩු වලිග වලින්. බටහිර බෙහෙත් බිපුවාහ ඇඟේ උස්ෂණය වැඩි වෙනවා, ගසත්රෛතිඑස් හැදෙනවා., කට වන වෙනවා. ඒවා ගැන කථා නැහැ. මේ වගේ කලකනින්ට ඕනේ මිනිස්සු මරන්න උන්ගේ ජොබ් එක රැක ගන්න. මුන් කැමති නැහැ දේශීය වෙදකම් වලින් ජනයා සුව වනවාට . ඇතැම්බ ටහිර වෛද්‍ය වරුන්ගේ වෘතිය කුහක කම නිසා අමාරුවේ වැටෙන්නේ අහිංසක මිනිස්සු. චිරාත් කාලයක් තිස්සේ බීපු කොත්ට්මල්ලිය , අල්ලපු හුමලය් දුම් ටික උඹලගේ ඔය කුණුහරුප පෙති කරල් වලට වඩා හොඳයි
mu NGO karayekda koheda..Lankawe Ayurweda rohal walata giya ekadu korona rogiyekwath me wenathek marila na…SINHALA WEDAKAMA THAMAI MEKATA EKAMA WISANDUMA..