AFC Banner
Empty Ad
Empty Ad

එජාපයට දැවැන්ත පාඩුවක් කරමින් විපක්ෂ නායකයෙකු සමුගනී

මොරටුව එක්සත් ජාතික පක්ෂයේ වසර 50කට අධික කාලයක සිට එහි සාමාජිකයෙකු මෙන්ම නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස මොරටුව මහ නගර සභාව නියෝජනය කළ පිලිප් ගාවින් මත්තෙස් මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අද (05) මිය ගොස් ඇත.

මිය යන විට 74 වියේ පසුවූ අතර කලක් රෝගාතුරුව සිට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

වර්ෂ 1969 එ.ජා.ප තරුණ බල මණ්ඩලය නියෝජනය කරමින් දේශපාලනයට පැමිණි ඔහු මොරටුවේ ජ්‍යෙෂ්ඨතම නාගරික මන්ත්‍රීවරයා වේ.

මිය යන විට මොරටුව මහ නගර සභාවේ විපක්ෂ නායක ධූරය දැරූ ඔහු සමස්ත ලංකා සාම විනිසුරුවරයෙකුද වූ අතර මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයෙකුද වේ.

මෙතුමාගේ දේහය මොරටුව මහ නගර සභාවේ හෙට(06) සවස 3.00 ට තැන්පත් කොට එතැන් සිට රාවතාවත්ත සුසන් අරණ ආදාහනාගාරයේදී අවමංගල්‍ය කටයුතු සිදුකරනු ලබන බව අවමංගල්‍ය කමිටුව කියයි.

WhatsApp Image 2021 09 05 at 3.02.35 PM 223x300 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?