එජාපයට දැවැන්ත පාඩුවක් කරමින් විපක්ෂ නායකයෙකු සමුගනී

මොරටුව එක්සත් ජාතික පක්ෂයේ වසර 50කට අධික කාලයක සිට එහි සාමාජිකයෙකු මෙන්ම නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස මොරටුව මහ නගර සභාව නියෝජනය කළ පිලිප් ගාවින් මත්තෙස් මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අද (05) මිය ගොස් ඇත.

මිය යන විට 74 වියේ පසුවූ අතර කලක් රෝගාතුරුව සිට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

වර්ෂ 1969 එ.ජා.ප තරුණ බල මණ්ඩලය නියෝජනය කරමින් දේශපාලනයට පැමිණි ඔහු මොරටුවේ ජ්‍යෙෂ්ඨතම නාගරික මන්ත්‍රීවරයා වේ.

මිය යන විට මොරටුව මහ නගර සභාවේ විපක්ෂ නායක ධූරය දැරූ ඔහු සමස්ත ලංකා සාම විනිසුරුවරයෙකුද වූ අතර මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයෙකුද වේ.

මෙතුමාගේ දේහය මොරටුව මහ නගර සභාවේ හෙට(06) සවස 3.00 ට තැන්පත් කොට එතැන් සිට රාවතාවත්ත සුසන් අරණ ආදාහනාගාරයේදී අවමංගල්‍ය කටයුතු සිදුකරනු ලබන බව අවමංගල්‍ය කමිටුව කියයි.

WhatsApp Image 2021 09 05 at 3.02.35 PM 223x300 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නේ නීතියට උඩින්..?
02:20
Video thumbnail
කොටි ඩයස්පෝරාව පිනවන්න තමයි මහින්දට මෙහෙම අපහාස කරන්නේ
03:03
Video thumbnail
අපි මේ රට ළඟදීම නිදහස් කරගන්නවා - මොකද්ද මේ කියන්නේ..?
01:26
Video thumbnail
දෙකයි පනහේ වැඩ කරලා මහින්දව වට්ටන්න බෑ
02:19
Video thumbnail
අපිව බය කරන්න බෑ - අපි මර්දනය අවසන් කරලා පෙන්නන්නම්
02:42