AFC Banner
Empty Ad
Empty Ad

දෙවන එක්දින තරඟයට සිදු වූ දේ

කාසියේ වාසිය දිනා, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 47 තුළ කඩුලු 06 ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 283ක්.

එහිදී ජනෙමන් මලාන් ශතකයක් රැස්කරගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් දවාගත්තා.

තරගය ආරම්භ කිරීමට පෙර පිටියට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් එක් ඉනිමකට පන්දුවාර 47ක් යැවීමටයි විනිසුරුවන් තීරණය කළේ.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් හොඳම දස්කම් අතරට පැමිණි  චාමික කරුණාරත්න ලකුණු 24කට කඩුලු 2ක් දවාගන්නා විට චමීර ලකුණු 52 කට කඩුලු 2ක් දවාගත්තා.

එසේම පළමු තරගයේ දී අතිරේක ලකුණු 5ක් පමණක් ලබාදුන් ශ්‍රී ලංකාව මේ තරගයේ දී දුර්වල පන්දු රැකීමට අමතරව තවත් අතිරේක ලකුණු 13ක් දකුණු අප්‍රිකානු ලකුණු සටහනට එක්කරනු ලැබුවා.

ඒ අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසු වනවා.

තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් පිලකට පන්දුවාර 47 බැගින් ලබා දීමට විනිසුරුවරුන් තීරණය කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා ඉනිම අතරතුර යළි තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පන්දුවාර 41කදී ලකුණු 265ක ‍ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණා.

නමුත් ශ්‍ර‍ී ලංකා කණ්ඩායමට පන්දුවාර 36යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූය් ලකුණු 197ක් පමණයි.

චරිත් අසලංක ලකුණු 77ක් ලබා ගත්තා.

තරගයේ වීරයා දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ  ජනෙමන් මලාන්.

මෙම ජයග්‍රහණයත් සමඟින් ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 8වන ස්ථානය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනේ ශ්‍රී ලංකාව 9 වන ස්ථානය දක්වා පසුපසට ඇද දමමින්.

දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින තරගය මේ මස 7 වැනිදා පැවැත්වෙනවා.

එම තරගය ජයගැනීම දෙපිලටම වැදගත් වන්නේ තරගාවලියේ ජය එම තරගය ජය ගන්නා කණ්ඩායමට හිමිවන නිසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42

?