දෙවන එක්දින තරඟයට සිදු වූ දේ

කාසියේ වාසිය දිනා, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 47 තුළ කඩුලු 06 ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 283ක්.

එහිදී ජනෙමන් මලාන් ශතකයක් රැස්කරගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් දවාගත්තා.

තරගය ආරම්භ කිරීමට පෙර පිටියට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් එක් ඉනිමකට පන්දුවාර 47ක් යැවීමටයි විනිසුරුවන් තීරණය කළේ.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් හොඳම දස්කම් අතරට පැමිණි  චාමික කරුණාරත්න ලකුණු 24කට කඩුලු 2ක් දවාගන්නා විට චමීර ලකුණු 52 කට කඩුලු 2ක් දවාගත්තා.

එසේම පළමු තරගයේ දී අතිරේක ලකුණු 5ක් පමණක් ලබාදුන් ශ්‍රී ලංකාව මේ තරගයේ දී දුර්වල පන්දු රැකීමට අමතරව තවත් අතිරේක ලකුණු 13ක් දකුණු අප්‍රිකානු ලකුණු සටහනට එක්කරනු ලැබුවා.

ඒ අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසු වනවා.

තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් පිලකට පන්දුවාර 47 බැගින් ලබා දීමට විනිසුරුවරුන් තීරණය කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා ඉනිම අතරතුර යළි තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පන්දුවාර 41කදී ලකුණු 265ක ‍ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණා.

නමුත් ශ්‍ර‍ී ලංකා කණ්ඩායමට පන්දුවාර 36යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූය් ලකුණු 197ක් පමණයි.

චරිත් අසලංක ලකුණු 77ක් ලබා ගත්තා.

තරගයේ වීරයා දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ  ජනෙමන් මලාන්.

මෙම ජයග්‍රහණයත් සමඟින් ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 8වන ස්ථානය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනේ ශ්‍රී ලංකාව 9 වන ස්ථානය දක්වා පසුපසට ඇද දමමින්.

දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින තරගය මේ මස 7 වැනිදා පැවැත්වෙනවා.

එම තරගය ජයගැනීම දෙපිලටම වැදගත් වන්නේ තරගාවලියේ ජය එම තරගය ජය ගන්නා කණ්ඩායමට හිමිවන නිසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26