AFC Banner
AFC Banner
Empty Ad

ඇතැමුන් වෛද්‍යවරුන් වගේ හැසිරමින් ජනතාව රවට්ටනවා – අගමැති

ලොව පුරා ප්‍රචලිතවන දේශීය හා ආයුරුවේද වෙදකමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මූලික පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරා මේ බව සඳහන් කළේ, මොනරාගල, සිරිගල පිහිටි ආයුර්වේද රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

අද ඇතැම් විට ජනතාවට නිවැරදි වෛද්‍යවරයා සොයා ගැනීමට ගැටලු තියෙනවා. ඇතැමුන් වෛද්‍යවරුන් වගේ හැසිරමින් ජනතාව රවට්ටනවා. තවත් සමරු තමන්ට දැනුමක් නැති රෝගවලට ප්‍රතිකාර දෙන්න ගිහින් රෝගීන් ආමාරුවේ දානවා. මෙවැනි දෑ සමාජයෙන් ඈත් වෙන්න ඕනේ. දේශිය වෙදකම ආයුර්වේදය ආශ්‍රිතව පරීක්ෂණ දියුණු කරලා ඒවායේ ප්‍රතිඵල අනාගතයේදී දක්නට ලැබෙයි කියලා අපි හිතනවා. ඒ නිසා වෙනදාට වඩා ඉදිරියේදී මේවාගෙන් හොඳ ප්‍රතිභල අපට දක්නට ලැබෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව.

බෝනොවන රෝග රැසකට දේශීය ප්‍රතිකාර කරණු ලබන මෙම ආයුර්වේද රෝහලේ එක් වරකට රෝගීන් 42 නෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?