AFC Banner
Empty Ad
Empty Ad

තවත් PHI වරයෙකුට පහර දීමක්

ගිරිබාව පොලිස් වසමේ තිඹිරිපොකුණ ප්‍රදේශයේ දී ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් රෝගියෙකු සම්බන්ධ තොරතුරු සොයා බැලීමට ගිය අවස්ථාවක දී මුහුණු ආවරණ නො පැළඳ සිටි පුදගලයින් දෙදෙනෙකුට අවවාද කිරීමට යාමෙනු යි මෙම පහර දීම සිදු වී තිබෙන්නේ.

යතුරු පැදියක පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බව වාර්තා වෙනවා.

වයස අවුරුදු 24 හා 42 වයස්වල පසුවන අදාළ සැකකරුවන් දෙදෙනා තිඹිරිපොකුණ හා අශෝකපුර ප්‍රදේශවල පදිංචිකරුවන්. පහර දුන් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, ගිරිබාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?