Empty Ad
Empty Ad
AFC Banner

අවුරුදු 18 – 30 අතර පිරිස් සඳහා වන එන්නත්කරණය ඇරඹේ ?

වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සඳහා එන්නත් ලබා දීමේදී මෙම වයස් කාණ්ඩයේ පිරිස් සඳහා එන්නත් ප්‍රමාණයක් මේ වනවිට ලබාදී ඇති බවද මෙයට අමතරව ඇඟලුම් කර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය අංශයන්හි එම වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ද යම් ප්‍රමාණයක් එන්නත්කරණයට ලක් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කල බවයි සෞඛ්‍ය අමාත්යංශය නිවේදනය කළේ.

වයස අවුරුදු 18 -30 අතර තරුණ තරුණියන් සඳහා වන එන්නත්කරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින අතර කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද එහි සඳහන්. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (02) පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් පිරිසක් මේ සඳහා එක් ව සිටි බවයි සඳහන් වන්නේ. කරුණු 18 කින් සමන්විත ලිපියක්ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් අමාත්‍යවරයා වෙත මෙහිදී භාර දෙනු ලැබුවා එහි අඩංගු කරුණු රැසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා එම අවස්ථාවේදීම සාධනීය විසඳුම් ලබාදීම පිළිබඳව හෙද සංගමය අමාත්‍යවරයාට ප්‍රසාදය පළ කළා.

එළනඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයිද ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 18 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළ බවද නිවේදනයේ සඳහන්. ඒ අනුව “ලැබෙන එන්නත හොඳම එන්නත” ලෙසින් හිමිවන කුමන හෝ එන්නතක් කඩිනමින් ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම රංජිත් මද්දුමබණ්ඩාර සමඟ දසත ප්‍රහාරය සජීවීව
01:30:16
Video thumbnail
රටට වැඩිම හානියක් කළේ JVPය
05:37
Video thumbnail
ආණ්ඩුව දැන් මදුසමය ගතකරන කාලයක් මේක - සජබ මහලේකම් ආණ්ඩුවට රිදෙන්න දෙසයි
15:29
Video thumbnail
අදූරදර්ශී පාලනයට විරුද්දව අපි එකතුවෙන්න තීරණය කළා
03:21
Video thumbnail
මන්ත්‍රී අර්චුනා නිසා ආණ්ඩුවට තවත් ලෙඩක්
04:59
Video thumbnail
සජබය ගහන්න යන සුපිරි සැලසුම - මහ ලේකම්ගෙන් කටින් පනී
03:10
Video thumbnail
ආ කොහොමද ? වරායේ ගල දැන් නැත්ද ? - අමරවීර දෙන දීම කොහොමද මාලිමාවට
05:22
Video thumbnail
ආණ්ඩුවට දුවන්න තමයි වෙන්නේ - තිස්ස එළියට බැහැල සියල්ල හෙළිකරයි
14:23
Video thumbnail
මී උණෙහි සීග්‍ර ව්‍යාප්තියක්
08:41
Video thumbnail
BREAKING NEWS 🔴රතු නිවේදන නිකුත් කර තිබූ බහලුම් 326ක් පරීක්ෂාවකින් තොරව නිදහස් - මෙන්න පැටිකිරය
28:22

?