අවුරුදු 18 – 30 අතර පිරිස් සඳහා වන එන්නත්කරණය ඇරඹේ ?

වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සඳහා එන්නත් ලබා දීමේදී මෙම වයස් කාණ්ඩයේ පිරිස් සඳහා එන්නත් ප්‍රමාණයක් මේ වනවිට ලබාදී ඇති බවද මෙයට අමතරව ඇඟලුම් කර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය අංශයන්හි එම වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ද යම් ප්‍රමාණයක් එන්නත්කරණයට ලක් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කල බවයි සෞඛ්‍ය අමාත්යංශය නිවේදනය කළේ.

වයස අවුරුදු 18 -30 අතර තරුණ තරුණියන් සඳහා වන එන්නත්කරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින අතර කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද එහි සඳහන්. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (02) පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් පිරිසක් මේ සඳහා එක් ව සිටි බවයි සඳහන් වන්නේ. කරුණු 18 කින් සමන්විත ලිපියක්ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් අමාත්‍යවරයා වෙත මෙහිදී භාර දෙනු ලැබුවා එහි අඩංගු කරුණු රැසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා එම අවස්ථාවේදීම සාධනීය විසඳුම් ලබාදීම පිළිබඳව හෙද සංගමය අමාත්‍යවරයාට ප්‍රසාදය පළ කළා.

එළනඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයිද ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 18 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළ බවද නිවේදනයේ සඳහන්. ඒ අනුව “ලැබෙන එන්නත හොඳම එන්නත” ලෙසින් හිමිවන කුමන හෝ එන්නතක් කඩිනමින් ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46