Empty Ad
Empty Ad
AFC Banner

වැලිගම – මිරිස්ස නගරයේදී ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වු අනතුර

වැලිගම – මිරිස්ස නගරයේදී ඊයේ (01 ) රාත්‍රි ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ මාතර ගබඩ වීදිය පදිංචි වාචිවිහැන්නදීගේ ප්‍රදීප් වයස 45 අයකු සහ මාතර වේරගම්පිට පදිංචි අසුරප්පුලිගේ ඉන්දික ප්‍රසාද් වයස 46 නැමැති විවාහක පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි
අනතුරට පත් ත්‍රීරෝද රථය ගාල්ල සිට මාතර දෙසටත් මාතර පෞද්ගලික ආයතනයකට අයත් ලොරි රථය මාතර සිට ගාල්ල දෙසටත් ධාවනය වෙමින් තිබියදී මිරිස්ස කාගීල්ස් ආයතනය අසලදී (01 ) රාත්‍රි 10 :00 පමණ මෙම අනතුර සිදුවි අතිබවට පොලිසිය කියයි එහිදී ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනා බරපතල තුවාල ලබා (1990 ) ගිලන් රථයකින් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ .අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වන මතර සුල්තානාගොඩ පදිංචි වයස 45 පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ රිය අනතුර සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ඩි එම් අබේසේකර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති නිශාන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ පොලිස් සැරයන් ප්‍රේමලාල් ( 33697 ) සහ පොලිස් කොස්තාපල් එම් .අයි. ලක්මාල් ( 75082 ) යන නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවති

https://youtu.be/4oyUYJtrhzI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?