වැලිගම – මිරිස්ස නගරයේදී ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වු අනතුර

වැලිගම – මිරිස්ස නගරයේදී ඊයේ (01 ) රාත්‍රි ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ මාතර ගබඩ වීදිය පදිංචි වාචිවිහැන්නදීගේ ප්‍රදීප් වයස 45 අයකු සහ මාතර වේරගම්පිට පදිංචි අසුරප්පුලිගේ ඉන්දික ප්‍රසාද් වයස 46 නැමැති විවාහක පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි
අනතුරට පත් ත්‍රීරෝද රථය ගාල්ල සිට මාතර දෙසටත් මාතර පෞද්ගලික ආයතනයකට අයත් ලොරි රථය මාතර සිට ගාල්ල දෙසටත් ධාවනය වෙමින් තිබියදී මිරිස්ස කාගීල්ස් ආයතනය අසලදී (01 ) රාත්‍රි 10 :00 පමණ මෙම අනතුර සිදුවි අතිබවට පොලිසිය කියයි එහිදී ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනා බරපතල තුවාල ලබා (1990 ) ගිලන් රථයකින් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ .අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වන මතර සුල්තානාගොඩ පදිංචි වයස 45 පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ රිය අනතුර සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ඩි එම් අබේසේකර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති නිශාන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ පොලිස් සැරයන් ප්‍රේමලාල් ( 33697 ) සහ පොලිස් කොස්තාපල් එම් .අයි. ලක්මාල් ( 75082 ) යන නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවති

https://youtu.be/4oyUYJtrhzI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46