අමුතුම තාලයට වැඩේ දීපු කිරිපිටි මාෆියාවක්

මේ දිනවල බොහෝ අත්‍යවශ්‍ය බඩු වල මිල ඉහළ ගිහින්.

ඒ අතරම භාණ්ඩ හිඟයකුත් තදින්ම තිබෙනවා.

ඒ අතර කිරිපිටි වලට හිමිවන්නේ ප්‍රමුඛ තැනක්.

පිටකොටුවේ අලුත්ම මාෆියාව

එම කිරිපිටි හිඟය පාදක කරගෙන පිටකොටුව ප්‍රදේශයේ කෙරෙන මහා පරිමාණ කිරි පිටි මාෆියාවක් අල්ලා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන්ට හැකි වුණා.

එය ක්‍රියාත්මක කර තිබෙන්නේ රස කැවිලි නිෂ්පාදනයට භාවිත කරන බව හඟවමින් ග්‍රෑම් 500 ක් බැගින් වූ පොලිතින් පැකට්ටු වල අසුරමින්.

එම පැකට්ටු වල නිෂ්පාදිත දිනයක් , කල් ඉකුත් වන දිනයක් , මිලක් හෝ කිසිවක් සඳහන් වන්නේ නැහැ.

ඒ ආකාරයට කිරි පිටි අලෙවි කළ වෙළෙද සැල් කිහිපයකටම පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් මුද්‍රා තැබුවා.

අපිරිසිදු ලෙස පැකට් කිරීම

එම කිරි පිටි පැකට්ටු කරන ස්ථානයක්ද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබෙන අතර එහිදී එතැන සිටි පිරිස කිරිපිටි පැකට් සකස් කරමින් සිට තිබෙන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කිසිදු සෞඛ්‍යය ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් අපිරිසිදු ආකාරයට.

පාරිභෝගික අධිකාරියේ 18 වන වගන්තිය අනුව කිරිපිටි නිශ්චිත භාණ්ඩයක් බවට පත්කර තිබෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ.

එම අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටීමක්ම ප්‍රධානී ප්‍රදීප් කලුතරආරච්චි මහතා සඳහන් කරන්නේ මෙලෙස කිරිපිටි වංචනික ලෙස අලෙවි කිරීමට කටයුතු කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56