ලොව කැළඹූ මාෆියාව ලංකාවට කළ දේ ගැන හෙළිදරව්වක්

ලෝකයේ ඖෂධ වෙළෙඳාම යනු මාෆියාවක් බවත්, එම මාෆියාව මෙරටද ක්‍රියාත්මක වී ඖෂධ නියාමන අධිකාරියේ තිබෙන සියලු දත්ත පරිගණකවලින් අතුරුදහන් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටිනවා.

වෛද්‍යවරයා එහිදී පවසා සිටියේ “මේ නිසා පැන නැගෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. එකක් මේ වෙද්දී වැදගත් වූ විශේෂයෙන් කොරෝනා රෝගය සඳහා  වැදගත් වූ ඖෂධ කිහිපයක් ලියාපදිංචියට යොමු කර තිබෙන අවස්ථාවකයි මේක සිද්ධ වෙලා තියෙන්නේ” යනුවෙනි.

ඊට අමතරව මෙරට තුළ ඇති බාල බෙහෙත් සහ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ බෙහෙත් නිෂ්පාදන ආයතන පිළිබඳව තිබූ දත්තද ඖෂධ නියාමන අධිකාරියේ පරිගණකවලින් අතුරුදහන්ව ඇති බවටද වෛද්‍යවරයා චෝදනා කරයි. 

 “මේක නිකන් නොදැන කරපු අතුරුදහන් කිරීමක් හැටියට අපි සලකන්නේ නැහැ. මේක යම් කිසි සැලැසුම් සහගත මේ ලෝකේ තියෙන හොඳම මාෆියා ක්‍රියාකාරීත්වයක් හැටියටයි අපි දකින්නේ ඒ නිසා මේක මේ වෙද්දී හරි නම් කරන්න ඕන ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ, සභාපතිවරයා ඖෂධ නියාමන අධිකාරියේ සහ ප්‍රධාන විධායක නිලධාරියා මේකට ඍජුව වගකියන්න ඕන.. ඔවුන්ගේ යටතේ හිටපු සේවකයන් අතින් වෙන්න ඉඩ තියෙනවා, නමුත් ඔවුන් දෙපළ වග කියන්න ඕන.. ඔවුන් මාසයකට මිලියනයකට අධික දීමනා ලබනවා.. ඔවුන් ගරු සේවයක් නෙමෙයි කරන්නේ..” යැයිද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් වැඩිදුරටත් චෝදනා කර සිටියා.

ඔහු වැඩිදුරටත් මාධ්‍ය අමතමින් පවසා සිටියේ එම නිලධාරීන් දෙදෙනාව මේ මොහොතේ අත්අඩංගුවට ගත යුතු බවද ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කර සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02