ලෝකයේ ඖෂධ වෙළෙඳාම යනු මාෆියාවක් බවත්, එම මාෆියාව මෙරටද ක්‍රියාත්මක වී ඖෂධ නියාමන අධිකාරියේ තිබෙන සියලු දත්ත පරිගණකවලින් අතුරුදහන් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටිනවා.
වෛද්‍යවරයා එහිදී පවසා සිටියේ “මේ නිසා පැන නැගෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. එකක් මේ වෙද්දී වැදගත් වූ විශේෂයෙන් කොරෝනා රෝගය සඳහා වැදගත් වූ ඖෂධ කිහිපයක් ලියාපදිංචියට යොමු කර තිබෙන අවස්ථාවකයි මේක සිද්ධ වෙලා තියෙන්නේ” යනුවෙනි.
ඊට අමතරව මෙරට තුළ ඇති බාල බෙහෙත් සහ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ බෙහෙත් නිෂ්පාදන ආයතන පිළිබඳව තිබූ දත්තද ඖෂධ නියාමන අධිකාරියේ පරිගණකවලින් අතුරුදහන්ව ඇති බවටද වෛද්‍යවරයා චෝදනා කරයි.
“මේක නිකන් නොදැන කරපු අතුරුදහන් කිරීමක් හැටියට අපි සලකන්නේ නැහැ. මේක යම් කිසි සැලැසුම් සහගත මේ ලෝකේ තියෙන හොඳම මාෆියා ක්‍රියාකාරීත්වයක් හැටියටයි අපි දකින්නේ ඒ නිසා මේක මේ වෙද්දී හරි නම් කරන්න ඕන ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ, සභාපතිවරයා ඖෂධ නියාමන අධිකාරියේ සහ ප්‍රධාන විධායක නිලධාරියා මේකට ඍජුව වගකියන්න ඕන.. ඔවුන්ගේ යටතේ හිටපු සේවකයන් අතින් වෙන්න ඉඩ තියෙනවා, නමුත් ඔවුන් දෙපළ වග කියන්න ඕන.. ඔවුන් මාසයකට මිලියනයකට අධික දීමනා ලබනවා.. ඔවුන් ගරු සේවයක් නෙමෙයි කරන්නේ..” යැයිද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් වැඩිදුරටත් චෝදනා කර සිටියා.
ඔහු වැඩිදුරටත් මාධ්‍ය අමතමින් පවසා සිටියේ එම නිලධාරීන් දෙදෙනාව මේ මොහොතේ අත්අඩංගුවට ගත යුතු බවද ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කර සිටියා














Okkotama issella Bellana ge bella tikak adu kara gaththoth hondayi neda ? dostharu nitharama roginta kiyanne bara adu karanna kiyalayi – meyage bara dakkama dostharek wuney kohomada kiyala hithenawa ! He he heeeeeeeeeeee