දොඩන්දූව – රෝහණ බාලිකා විද්‍යාලයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහනේ දී ඇති වූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදුන් පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
පොලීසිය සිදු කළ දැනුම් දීමකට අනුව අද දින ඔහු ගාල්ල පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. පසුගිය 27 වන දා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් දොඩන්දූව රෝහණ බාලිකා විද්‍යාලයේ දී සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සිදුකළා.
කෙසේ වෙතත්, එහි දී හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ජනතාවට අමතර ව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ජනතාව එම ස්ථානයට පැමිණීමත් සමඟ කිසියම් උණුසුම් තත්ත්වයක් හට ගත් අතර, ඊට අදාළව යි මෙම පුද්ගලයා සමාජ මාධ්‍යයට සිද්ධිය පිළිබදව විවේචනාත්මකව ප්‍රකාශයක් සිදුකර තිබුණේ.
එම සිද්ධිය සමාජ මාධ්‍යයට ප්‍රකාශ කළ අවස්ථාව පහතින්…














‘mike’ ekak dakka gaman kata wakkadayak wagey diga arinna thamyi hamoma dan purudu wela inne !