එන්නත් වැඩසටහනකදී ඇති වු සිද්ධියක් හෙළි කළ පුද්ගලයා පොලීසියට

දොඩන්දූව – රෝහණ බාලිකා විද්‍යාලයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහනේ දී ඇති වූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදුන් පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

පොලීසිය සිදු කළ දැනුම් දීමකට අනුව අද දින ඔහු ගාල්ල පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. පසුගිය 27 වන දා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් දොඩන්දූව රෝහණ බාලිකා විද්‍යාලයේ දී සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සිදුකළා.

කෙසේ වෙතත්, එහි දී හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ජනතාවට අමතර ව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ජනතාව එම ස්ථානයට පැමිණීමත් සමඟ කිසියම් උණුසුම් තත්ත්වයක් හට ගත් අතර, ඊට අදාළව යි මෙම පුද්ගලයා සමාජ මාධ්‍යයට සිද්ධිය පිළිබදව විවේචනාත්මකව ප්‍රකාශයක් සිදුකර තිබුණේ.

එම සිද්ධිය සමාජ මාධ්‍යයට ප්‍රකාශ කළ අවස්ථාව පහතින්…

https://youtu.be/koVu7uxS3i8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46