Empty Ad
AFC Banner
Empty Ad

පාසල් සිසුන්ගෙන් මුලින්ම එන්නත ලැබෙන්නේ කාටද? – තීරණය මෙන්න

පවතින වසංගත තත්වය හමුවේ ප්‍රථමයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දෙන බව වාර්තා වනවා. මෙය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත එය සිදු කරන බවත් කෙසේවෙතත් ඒ පිළිබඳව තවමත් නිශ්චිත දිනයක් පැවසීමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම, 2021 වසර සඳහා උසස් පෙළ සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සඳහා තවමත් අයදුම් නොකළ සිසුන් සඳහා අයදුම් කිරීමේ දිනය දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අයදුම් කිරීමේ කාලය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

මේ අතර,ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව තිබේ. අමාත්‍ය අනුකමිටු යෝජනාව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය වෙත යොමුකෙරුණි.

අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත්කළ යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල එකඟතාවද පළ වී ඇති බව වාර්තා වේ. වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර පසුගිය දා පැවැති සාකච්ඡවේ දී සාධනීය තත්ත්වයක් ඇති වු බව ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

විසඳුම් ඉදිරිපත් වු වහාම ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරව සිටිම, සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරික්ෂණවලින් ඉවත්ව සිටිම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් බැහැර වන බව ඔවුන් සඳහන් කළේය.

මේ අතර ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් විසින් සංවිධානය කළ විරෝධතාවලට සහභාගි වු ගුරුවරුවන්ගෙන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ අසත්‍ය බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49

?