පාසල් සිසුන්ගෙන් මුලින්ම එන්නත ලැබෙන්නේ කාටද? – තීරණය මෙන්න

පවතින වසංගත තත්වය හමුවේ ප්‍රථමයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දෙන බව වාර්තා වනවා. මෙය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත එය සිදු කරන බවත් කෙසේවෙතත් ඒ පිළිබඳව තවමත් නිශ්චිත දිනයක් පැවසීමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම, 2021 වසර සඳහා උසස් පෙළ සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සඳහා තවමත් අයදුම් නොකළ සිසුන් සඳහා අයදුම් කිරීමේ දිනය දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අයදුම් කිරීමේ කාලය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

මේ අතර,ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව තිබේ. අමාත්‍ය අනුකමිටු යෝජනාව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය වෙත යොමුකෙරුණි.

අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත්කළ යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල එකඟතාවද පළ වී ඇති බව වාර්තා වේ. වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර පසුගිය දා පැවැති සාකච්ඡවේ දී සාධනීය තත්ත්වයක් ඇති වු බව ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

විසඳුම් ඉදිරිපත් වු වහාම ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරව සිටිම, සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරික්ෂණවලින් ඉවත්ව සිටිම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් බැහැර වන බව ඔවුන් සඳහන් කළේය.

මේ අතර ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් විසින් සංවිධානය කළ විරෝධතාවලට සහභාගි වු ගුරුවරුවන්ගෙන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ අසත්‍ය බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46