අයියා රනිල්ගේ උගුලට අසුවුණා – හිටපු ඇමතිගේ මන්ත්‍රී සොහොයුරා කරන හෙළිදරව්ව

නවින් දිසානායක මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමට බලපෑ හේතු කාරණා පිළිබඳව හෙළිදරව්වක් ඔහුගේ සොහොයුරා වන මයන්ත දිසානායක මහතා විසින් කර තිබෙනවා.

ඒ සිය සොහොයුරා වන නවීන් දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ උගුලට හසු වූ නිසා බවයි මයන්ත දිසානායක මහතා සදහන් කරන්නේ.

මට ඔහු ගැන කණගාටුයි

තමාට පුද්ගලිකවම සිය සොහොයුරා පිළිබඳව කණගාටුවක් තිබෙන බවයි සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දෙවැන්න මයන්ත දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

තමා සිය සොහොයුරාව රනිල් වික්‍රමසිංහ මහතාගේ උගුලෙන් බේරා ගැනීම සඳහා ඔහුට කරුණු කීවද එය ඔහු පිළි නොගත් බව දිසානායක මහතා පෙන්වා දෙනවා.

මම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට නවීන් දිසානායක මහතා ගත් තීන්දුව වෙනස් කොට ඔහු සජිත් ප්‍රේමදාස මහතා සමග එකතුවී දේශපාලන ගමනක් යෑම සඳහා දෙතුන් වතාවක් ඔහු සමග කතා මුත් ඒ සියල්ලම නවීන් දිසානායක මහතා ප්‍රතික්ෂේප කළ බව මයන්ත දිසානායක මහතා හෙළිදරව් කරනවා.

නවීන් දිසානායක මහතා ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තීන්ට අනුව කටයුතු කළ බවද පෙන්වා දෙන මයන්ත දිසානායක මහතා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් බව සිය විශ්වාසය බවද සඳහන් කරනවා.

මයන්ත දිසානායක මහතා මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

නවීන් දිසානායක මහතා පැවැති යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතර ඔහු සහ මයන්ත දිසානායක යන මහත්වරුන් මෙරට බිහිවූ සුවිශේෂී දේශපාලනඥයෝ ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32