spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයියා රනිල්ගේ උගුලට අසුවුණා – හිටපු ඇමතිගේ මන්ත්‍රී සොහොයුරා කරන හෙළිදරව්ව

නවින් දිසානායක මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමට බලපෑ හේතු කාරණා පිළිබඳව හෙළිදරව්වක් ඔහුගේ සොහොයුරා වන මයන්ත දිසානායක මහතා විසින් කර තිබෙනවා.

ඒ සිය සොහොයුරා වන නවීන් දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ උගුලට හසු වූ නිසා බවයි මයන්ත දිසානායක මහතා සදහන් කරන්නේ.

මට ඔහු ගැන කණගාටුයි

තමාට පුද්ගලිකවම සිය සොහොයුරා පිළිබඳව කණගාටුවක් තිබෙන බවයි සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දෙවැන්න මයන්ත දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

තමා සිය සොහොයුරාව රනිල් වික්‍රමසිංහ මහතාගේ උගුලෙන් බේරා ගැනීම සඳහා ඔහුට කරුණු කීවද එය ඔහු පිළි නොගත් බව දිසානායක මහතා පෙන්වා දෙනවා.

මම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට නවීන් දිසානායක මහතා ගත් තීන්දුව වෙනස් කොට ඔහු සජිත් ප්‍රේමදාස මහතා සමග එකතුවී දේශපාලන ගමනක් යෑම සඳහා දෙතුන් වතාවක් ඔහු සමග කතා මුත් ඒ සියල්ලම නවීන් දිසානායක මහතා ප්‍රතික්ෂේප කළ බව මයන්ත දිසානායක මහතා හෙළිදරව් කරනවා.

නවීන් දිසානායක මහතා ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තීන්ට අනුව කටයුතු කළ බවද පෙන්වා දෙන මයන්ත දිසානායක මහතා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් බව සිය විශ්වාසය බවද සඳහන් කරනවා.

මයන්ත දිසානායක මහතා මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

නවීන් දිසානායක මහතා පැවැති යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතර ඔහු සහ මයන්ත දිසානායක යන මහත්වරුන් මෙරට බිහිවූ සුවිශේෂී දේශපාලනඥයෝ ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?