AFC Banner
Empty Ad

ලංකාවම හෙල්ලූ මැණිකට සිදු වු දේ

ලොව විශාලතම නිල් ආරුනූල් මැණික ලෙසින් ප්‍රසිද්ධියට පත් මෙරටින් හමුවූ පාෂාණය මේවන විට විදෙස්ගත කර ඇති බව වාර්තා වෙනවා.

ඒ කුරියර් සේවාවක් හරහා යි.

එම පාෂාණය මේවන විට ඇත්තේ ස්විස්ටර්ලන්තයේ බව යි පැවසෙන්නේ.

මැණික් හා පතල් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා සිටියේ එය ආරක්ෂිතව ස්විස්ටර්ලන්තය බලා රැගෙන ගොස් ඇති බව යි.

මෙම මැණික සඳහා සහතිකයක් ලබා ගත යුතු බවත්, ඒ සඳහා එය එරටට රැගෙන බවත් රත්වත්තේ මහතා වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව අදාළ පාෂාණය, මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයකට රැගෙන ගොස් ඇති අතර එහි දී පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව සඳහන්.

ඉන් අනතුරුව ඒ සඳහා තත්ත්ව සහතිකයක් නිකුත් කෙරෙනු ඇති බව යි වාර්තා වන්නේ.

මෙම සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව එය විදෙස් වෙන්දේසියක දී අලෙවි කිරීමට බලාපොරොත්තුවන බව පැවසෙනවා.

ලොහාන් රත්වත්තේ මහතා අනාවරණය කළේ මෙය චීනයේ පැවැත්වෙන මැණික් වෙන්දේසියක දී අලෙවි කිරීමට බලාපොරොත්තුවන බව යි.

කෙසේ වෙතත් මෙම පාෂාණය සම්බන්ධයෙන් මේවන විට විවිධ රටවල් ගණනාවකින් විමසීම් ලැබී ඇති බව ද ඔහු පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?