ලංකාවම හෙල්ලූ මැණිකට සිදු වු දේ

ලොව විශාලතම නිල් ආරුනූල් මැණික ලෙසින් ප්‍රසිද්ධියට පත් මෙරටින් හමුවූ පාෂාණය මේවන විට විදෙස්ගත කර ඇති බව වාර්තා වෙනවා.

ඒ කුරියර් සේවාවක් හරහා යි.

එම පාෂාණය මේවන විට ඇත්තේ ස්විස්ටර්ලන්තයේ බව යි පැවසෙන්නේ.

මැණික් හා පතල් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා සිටියේ එය ආරක්ෂිතව ස්විස්ටර්ලන්තය බලා රැගෙන ගොස් ඇති බව යි.

මෙම මැණික සඳහා සහතිකයක් ලබා ගත යුතු බවත්, ඒ සඳහා එය එරටට රැගෙන බවත් රත්වත්තේ මහතා වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව අදාළ පාෂාණය, මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයකට රැගෙන ගොස් ඇති අතර එහි දී පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව සඳහන්.

ඉන් අනතුරුව ඒ සඳහා තත්ත්ව සහතිකයක් නිකුත් කෙරෙනු ඇති බව යි වාර්තා වන්නේ.

මෙම සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව එය විදෙස් වෙන්දේසියක දී අලෙවි කිරීමට බලාපොරොත්තුවන බව පැවසෙනවා.

ලොහාන් රත්වත්තේ මහතා අනාවරණය කළේ මෙය චීනයේ පැවැත්වෙන මැණික් වෙන්දේසියක දී අලෙවි කිරීමට බලාපොරොත්තුවන බව යි.

කෙසේ වෙතත් මෙම පාෂාණය සම්බන්ධයෙන් මේවන විට විවිධ රටවල් ගණනාවකින් විමසීම් ලැබී ඇති බව ද ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43