Empty Ad
AFC Banner
Empty Ad

ඔබේ දරුවාට කොවිඩ් වැළඳී ඇත්දැයි හඳුනා ගන්නේ මෙහෙමයි

දරුවෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතිදැයි හඳුනා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැහැදිලි කිරීමක් කළේය. ඔහු සඳහන් කළේ, නිතර දරුවා අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම මගින් කොවිඩ්-19 රෝග ලක්ෂණ හඳුනා ගත හැකි බවය.

ඒ අනුව, දරුවා ඇවිදින විට වෙන දාට වඩා මහන්සි ස්වභාවයක් පෙන්නුම් කරන්නේ ද? යන්න පිළිබඳව නිරීක්ෂණය කරන ලෙස විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙයි. ඉතා කෙටි දුරක් ඇවිද යාමේදී දරුවා නතර වනවා ද? වාඩි වනවා ද? හුස්ම ගැනීමේ වේගය අඩු වනවා ද යන්න පිළිබඳව ද ඒ අනුව නිරීක්ෂණය කළ යුතුය.

එමෙන් ම, දරුවාගේ තොල් කළු පැහැ ගැන්වෙනවා ද? ඇස් අවපැහැ ගැන්වෙනවා ද? සම මළානික ස්වභාවයක් ගන්නේ ද යන්න පිළිබඳව ද අවධානය යොමු කළ යුතු යැයි ඔහු පෙන්වා දුන්නේ ය. විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, එවැනි ලක්ෂණ ඇතැම්විට දරුවාගේ ඔක්සිජන් මට්ටම අඩු බවට පෙන්නුම් කරනවා විය හැකි බවය.

කෙසේ වෙතත් ඔහු, පෙන්වා දුන්නේ වයස අවුරුදු 2කට වඩා අඩු දරුවන්ගේ මෙවැනි ලක්ෂණ නිරීක්ෂණය කිරීම ඉතාමත් අපහසු බවය. මේ අතර, කොරෝනාවෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ඖෂධ වර්ග සහ විටමින් C ආදිය අධික ලෙස ලබාදීමෙන් දරුවන්ගේ ඉන්ද්‍රියවලට පවා හානි විය හැකි බව විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, ඒ හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණයකින් තොරව කිසි ම අයුරකින් විටමින් වර්ග සහ ඖෂධ වර්ග දරුවන්ට ලබා නොදිය යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?