ඔබේ දරුවාට කොවිඩ් වැළඳී ඇත්දැයි හඳුනා ගන්නේ මෙහෙමයි

දරුවෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතිදැයි හඳුනා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැහැදිලි කිරීමක් කළේය. ඔහු සඳහන් කළේ, නිතර දරුවා අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම මගින් කොවිඩ්-19 රෝග ලක්ෂණ හඳුනා ගත හැකි බවය.

ඒ අනුව, දරුවා ඇවිදින විට වෙන දාට වඩා මහන්සි ස්වභාවයක් පෙන්නුම් කරන්නේ ද? යන්න පිළිබඳව නිරීක්ෂණය කරන ලෙස විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙයි. ඉතා කෙටි දුරක් ඇවිද යාමේදී දරුවා නතර වනවා ද? වාඩි වනවා ද? හුස්ම ගැනීමේ වේගය අඩු වනවා ද යන්න පිළිබඳව ද ඒ අනුව නිරීක්ෂණය කළ යුතුය.

එමෙන් ම, දරුවාගේ තොල් කළු පැහැ ගැන්වෙනවා ද? ඇස් අවපැහැ ගැන්වෙනවා ද? සම මළානික ස්වභාවයක් ගන්නේ ද යන්න පිළිබඳව ද අවධානය යොමු කළ යුතු යැයි ඔහු පෙන්වා දුන්නේ ය. විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, එවැනි ලක්ෂණ ඇතැම්විට දරුවාගේ ඔක්සිජන් මට්ටම අඩු බවට පෙන්නුම් කරනවා විය හැකි බවය.

කෙසේ වෙතත් ඔහු, පෙන්වා දුන්නේ වයස අවුරුදු 2කට වඩා අඩු දරුවන්ගේ මෙවැනි ලක්ෂණ නිරීක්ෂණය කිරීම ඉතාමත් අපහසු බවය. මේ අතර, කොරෝනාවෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ඖෂධ වර්ග සහ විටමින් C ආදිය අධික ලෙස ලබාදීමෙන් දරුවන්ගේ ඉන්ද්‍රියවලට පවා හානි විය හැකි බව විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, ඒ හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණයකින් තොරව කිසි ම අයුරකින් විටමින් වර්ග සහ ඖෂධ වර්ග දරුවන්ට ලබා නොදිය යුතු බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43