ෆයිසර් සහ ඇස්ට්‍රසෙනෙකා එන්නත් ලබාගත් අය ට වැදගත් බ්‍රිතාන්‍යයේ අධ්‍යයනයකින් හෙලි වු වැදගත් දේ

කොවිඩ් එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය මාස 6ක පමණ කාලයකට පසු කෙමෙන් දුර්වල වීමට පටන් ගන්නා බව බ්‍රිතාන්‍යයේ කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

මේ බව හෙළි වී ඇත්තේ ෆයිසර් සහ ඇස්ට්‍රසෙනෙකා එන්නත් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකිනි. මේ නිසා මෙම එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය වන බව විශේෂඥයන්ගේ අදහසයි.

ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී මාසයකට පසු එහි ඵලදායිතාව සියයට 88ක් වුවත් මාස 5 – 6 අතර කාලයකට පසු එය සියයට 74ක් දක්වා අඩු වී තිබූ බව වාර්තා වේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මුල් ඵලදායීතාව සියයට 77ක් වූ අතර මාස 4 – 5 කාලයකට පසු එය සියයට 67 දක්වා අඩු වී තිබූ බව සඳහන්ය.

කෙසේ නමුත් මෙම තොරතුරු අදාළ වන්නේ ඉහළ වයස් කාණ්ඩවල අය සම්බන්ධයෙන් පමණක් බවද මෙම අධ්‍යයනය සිදු කළ කණ්ඩායම පවසා තිබිණි. අඩු වයස් කාණ්ඩවල අයට එන්නත් ලබාදී තවමත් එතරම් කාලයක් ගත වී නොමැති නිසා ඔවුන් තුළ එන්නතේ ක්‍රියාකාරිත්වය ගැන තීරණය කිරීමට තවම දත්ත ප්‍රමාණවත් නොවන බව ඔවුන් පවසා ඇත. මෙම අධ්‍යයනය කරනු ලැබ ඇත්තේ සොඊ (Zoe) නමැති ආයතනයක් විසිනි. ඔවුන් පවසන්නේ මේ ආකාරයෙන් එන්නත්වල ශක්තිය අඩු වෙද්දී ඒ පිළිබඳ කිසිවක් නොකර බලා සිටින්නට නොහැකි බවයි. විශේෂයෙන් තවමත් ආසාදිතයන් වාර්තා වීම ඉහළ මට්ටමක තිබෙන පසුබිමක් තුළ යම් පියවරක් ගත යුතු බව ඔවුහු පෙන්වා දෙති.

මේ අතර මෙම වසර අවසානය වනවිට විශේෂයෙන් වැඩිමහලු ජනතාවට සහ වයිරසයෙන් වැඩි තර්ජනයක් සහිත පිරිස්වලට තුන්වැනි මාත්‍රාවක් ලබාදීමට එක්සත් රාජධානිය සහ තවත් යුරෝපා රටවල් සූදානම් වෙමින් සිටියි. ඇමරිකාවද මෙයට මාස 8කට පෙර එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත් අයට සැප්තැම්බර් මැද භාගයේ සිට තුන්වැනි මාත්‍රාවක් ලබාදීමට සැලසුම් කරමින් සිටියි. ඊශ්‍රායලය එරට ඇතැම් වයස් කාණ්ඩවල ජනතාවට තුන්වැනි මාත්‍රාවක් ලබාදීම දැනටමත් ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?