ෆයිසර් සහ ඇස්ට්‍රසෙනෙකා එන්නත් ලබාගත් අය ට වැදගත් බ්‍රිතාන්‍යයේ අධ්‍යයනයකින් හෙලි වු වැදගත් දේ

කොවිඩ් එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය මාස 6ක පමණ කාලයකට පසු කෙමෙන් දුර්වල වීමට පටන් ගන්නා බව බ්‍රිතාන්‍යයේ කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

මේ බව හෙළි වී ඇත්තේ ෆයිසර් සහ ඇස්ට්‍රසෙනෙකා එන්නත් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකිනි. මේ නිසා මෙම එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය වන බව විශේෂඥයන්ගේ අදහසයි.

ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී මාසයකට පසු එහි ඵලදායිතාව සියයට 88ක් වුවත් මාස 5 – 6 අතර කාලයකට පසු එය සියයට 74ක් දක්වා අඩු වී තිබූ බව වාර්තා වේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මුල් ඵලදායීතාව සියයට 77ක් වූ අතර මාස 4 – 5 කාලයකට පසු එය සියයට 67 දක්වා අඩු වී තිබූ බව සඳහන්ය.

කෙසේ නමුත් මෙම තොරතුරු අදාළ වන්නේ ඉහළ වයස් කාණ්ඩවල අය සම්බන්ධයෙන් පමණක් බවද මෙම අධ්‍යයනය සිදු කළ කණ්ඩායම පවසා තිබිණි. අඩු වයස් කාණ්ඩවල අයට එන්නත් ලබාදී තවමත් එතරම් කාලයක් ගත වී නොමැති නිසා ඔවුන් තුළ එන්නතේ ක්‍රියාකාරිත්වය ගැන තීරණය කිරීමට තවම දත්ත ප්‍රමාණවත් නොවන බව ඔවුන් පවසා ඇත. මෙම අධ්‍යයනය කරනු ලැබ ඇත්තේ සොඊ (Zoe) නමැති ආයතනයක් විසිනි. ඔවුන් පවසන්නේ මේ ආකාරයෙන් එන්නත්වල ශක්තිය අඩු වෙද්දී ඒ පිළිබඳ කිසිවක් නොකර බලා සිටින්නට නොහැකි බවයි. විශේෂයෙන් තවමත් ආසාදිතයන් වාර්තා වීම ඉහළ මට්ටමක තිබෙන පසුබිමක් තුළ යම් පියවරක් ගත යුතු බව ඔවුහු පෙන්වා දෙති.

මේ අතර මෙම වසර අවසානය වනවිට විශේෂයෙන් වැඩිමහලු ජනතාවට සහ වයිරසයෙන් වැඩි තර්ජනයක් සහිත පිරිස්වලට තුන්වැනි මාත්‍රාවක් ලබාදීමට එක්සත් රාජධානිය සහ තවත් යුරෝපා රටවල් සූදානම් වෙමින් සිටියි. ඇමරිකාවද මෙයට මාස 8කට පෙර එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත් අයට සැප්තැම්බර් මැද භාගයේ සිට තුන්වැනි මාත්‍රාවක් ලබාදීමට සැලසුම් කරමින් සිටියි. ඊශ්‍රායලය එරට ඇතැම් වයස් කාණ්ඩවල ජනතාවට තුන්වැනි මාත්‍රාවක් ලබාදීම දැනටමත් ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18